කවබතා යසුනරි
1899 දී බටහිර ජපානයේ ඕසකා නුවර උපත ලැබුවේය.ඉතා කුඩා අවධියේ දෙමාපියන් ඇතුළු පවුලේ සමීප ඤාතීන් මිය ගිය බැවින් ඔහු නවකථාකරුවෙකු වීමට සිතා ගත්තේය.මධ්‍යම පාසලට පසුව ඔහු තෝකියෝ රාජකීය උසස් පාසලටත් ,ඉන් පසුව 1920දී තෝකියෝ රාජකීය විශ්ව විද්‍යාලයටත් ඇතුල් විය.1924දී ජපන් සාහිත්‍යය උපාධියක් ලබා විශ්ව විද්‍යාලයෙන් සමත් විය. උපාධියෙන් පසුව ඔහු "ජිජිෂින්පෝ" නම් දින පතා පුවත්පතට බැඳී කටයුතු කළේය.ඒ කාලයේ ඔහු ලේඛකයකු වශයෙන් සාහිත්‍ය කරුවන් අතර ප්‍රසිද්ධියක් ලබා සිටියේය.
ඔහුගේ ප්‍රථම නිර්මාණය වන්නේ "ජූරොකුසයි නො කො නො නික්කි"(සොළොස් හැවිරිදි දරුවකුගේ දින පොත )යන කෘතියයි.1926දී ” ඉසු නො ඔදොරිකො” නම් ඔහුගේ ප්‍රථම කෙටි කථාව පළකළ අතර ඉන් ඔහු වඩාත් ජනප්‍රිය විය.ඔහුගේ අනෙකුත් කෘතීන් නම් "යුකි ගුනි" (හිමරට ) ,"සෙන්බත්සුරු" (දහසක් කොකුන් ) ,"ක්යෝතෝ" ආදී කථා වේ.
1960දී ඔහුගේ "හිමරට"නම් කෘතිය නොබෙල් සම්මානයට පාත්‍ර විය. මොහුගේ කථා වල තේමාව වන්නේ ජීවිතය වෙලා පවත්නා පාළුව කාන්සිය හුදකලාවයි.1927 අප්‍රේල් 17 වන දින මොහු සියදිවි නසාහැනීමෙන් මරණයට පත් විය.
නත්සුමේ සෝසෙකි
1867 එකල එදෝ නමින් හැඳින්වෙන තෝකියෝවේ සෝසෙකි උපත ලැබීය.ඔහුගේ කුඩා කාලය ඉතා දුක්බර වූ අතර ළමා වියේදිම දෙමාපියන්ගේ සෙනෙහස අහිමි වූ ඔහු පිටස්තරයකු විසින් හදා වඩා ගන්නා ලදී.
තෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි පද්‍ය පිළිබඳ උපාධියක් ලබා මුල් කාලයේදී ඉංග්‍රීසි පද්‍ය ලිවීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.පසුව ඔහු "හයිකු" පද්‍ය රචනා කළේය.එයින්ද එතරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි විය.
පසුව බ්‍රිතාන්‍යය විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි භෂාව හා සාහිත්‍යය අධ්‍යයනය කළේය.බටහිර සාහිත්‍යයඅධ්‍යයනය කල පළමු ලේඛකයා වීමේ භග්‍යය උදා කරගත්තේය.
ඔහුගේ ප්‍රසිද්ධ කෘතීන් නම් "වගහයිව නෙකො දෙ අරු" (මං පූසෙක් ),"බොච්චන්" (පුංචි මහත්තයා ),"සොරේ කරා" (ඉන්පසු ) ,"මොන්" (ගේට්ටුව ) ,"කෝජින්" (ඉබාගාතේ ඇවිදින්නෙක්) ,"කොකොරො" (මනස ) ආදිය වේ.අවුරුදු 49ක් වැනි කෙටිකාලයක් ජීවත් වූ මෙම ලේඛකයා 1916දී මිය ගියේය.