සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

Sunday, May 1, 2011

සුබපැතුම්- (අයිසට්සු )










おはよう ございます-(ඔහයෝ ගොස(z)යිමස්) සුභ උදෑසනක්.

 こんいちは-(කොන්නිචි වා) සුභ දවසක්.

こんばんは-(කොන්බන්වා)සුබ සැන්දෑවක්.

おやすみなさい-(ඔයසුමි නසයි) සුබ රාත්‍රියක්.

(どうも) ありがとうございます-(අරිගතෝ ගොස(z)ඉමස්) බොහොම ස්තූතියි.

どういたしまして-(දෝඉතෂිමෂ්තෙ) ස්තූතියි යන්නට ප්‍රතිඋත්තර ලෙස යෙදේ.

さようなら-(සයෝනරා) සමු ගන්නා අවස්ථාවේදී භාවිත කරයි.

ごめんなさい-(ගොමෙන් නසයි) සමාවන්න( පාඩුවක් වන ආකාරයේ වරදක් වූ විට).

すみません-(සුමිමසෙන්) සමාවෙන්න(සාමාන්‍ය අවස්ථා වලදී භාවිත වේ).

しつれいします-(ෂිට්සුරෙයි ෂිමස්) සමාවන්න( කාර්යාලය තුලදී භාවිත වේ).

おじゃまします-(ඔජම ෂිමස්) සමාවන්න (පෞද්ගලික ස්ථානයකට ඇතුල් වීමේදී භාවිත වේ).
どうぞ-(දෝසෝ(z)) කරුණාකර.


おげんきですか-

おげんきですか-(ඔගෙන්කිදෙස්ක)සැප සනීප කොහොමද?

おかげさまでげんきです-(ඔකගෙසමාදෙ ගෙන්කිදෙස් ) ඔබගේ
පිහිටෙන් මම සනීපෙන් සිටිමි.

ありがとうございますげんきです--(අරිගතෝ ගොස(z)ඉමස්
 ගෙන්කිදෙස් ) බොහොම ස්තූතියි ,මම සනීපෙන් සිටිමි.

はい, げんきです-( හයි ගෙන්කිදෙස්) ඔව් මම සනීපෙන් සිටිමි.

はじめまして- (හජිමෙමෂ්තෙ) ඔබව මුල්ම වතාවට හමුවීම සතුටක්.

どうぞよろしく- (දෝසො(z)යොරොෂිකු) ඔබව හමුවීමත් සතුටක්.

いただきます- (ඉතදකිමස්) කෑමට පෙර දෙවියන්ට ස්තූති කරයි.

ごちそうさまでした-(ගොචිසෝසමදෙෂ්ත ) ආහාර ගැනීමේන් පසු දෙවියන්ට ස්තූති කරයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More