සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

ජපන් සංස්කෘතිය

සංස්කෘතිය





ඉතිහාසය පුරා, ජපානය වෙනත් රට වලින් තාක්ෂණය,සිරිත් විරිත් මෙන්ම කලා කලා ශිල්ප ආදියේ ආභාෂය ලබා ගෙන,ඒවා ඒකරාශී කරගෙන ජපානයටම විශේෂ වූ සංස්කෘතියක් ගොඩනගාගෙන ඇත.ජපානයේ අද ජීවන රටාව සාම්ප්‍රදායික ආසියානු සංස්කෘතිය හා බටහිර නවීන සංස්කෘතියේ මනා සංකලනයකි.



සම්ප්‍රදායික සංස්කෘතිය
අදත් ජපානයේ ඉතා උසස් තත්වයක් හිමිවන සම්ප්‍රදායික  නාට්‍ය අතර කබුකි,නෝ,ක්යෝගෙන් හා බුන්කුර වේ.







    

17 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ආරම්භ වූ කබුකි නාට්‍ය,රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය වූ කතා විලාශය ,නෙත් ඇදගන්නා සුළු ඇඳුම් ආයිත්තම් හා රූපලාවන්‍ය උපක්‍රම මෙන්ම වේදිකාවේ රංගනය තීව්‍ර කිරීමට යොදා ගන්නා කාර්මික ක්‍රමෝපායන්ගෙන්ද සමන්විතයි.ශිල්පීන් හැඩගන්වන රූපලාවන්‍ය ක්‍රම නිසා ඔවුන්ගේ චරිත මෙන්ම මනෝභාවද උද්දීපනය වෙයි. කබුකි නාට්‍ය ,මධ්‍ය කාලීන හා එදෝ මාතෘකා පාදක කොට ඇති අතර ගැහැනු චරිත පවා රඟ දක්වන්නේ පිරිමි අයයි.







     නෝ ජපානයේ පැරණිම සංගීත නාටක ක්‍රමයයි. මේ නාට්‍ය වලට දෙබස්  පමණක් නොව ගායනය,සංගීතය හා නැටුම් ඇතුලත් වේ.මෙහි තවත් විශේෂාංගයක් නම් වර්ණවත් ඇඳුමකින් සැරසී සිටින ප්‍රධාන නළුවා,තීන්ත ගා ඔප දැමූ දැවමය වෙස් මූහුණක් පැළඳීමයි.මේ වෙස් මුහුණ වයෝවෘධ තැනැත්තෙක් හෝ  මහලු කාන්තාවක් ,දෙවිකෙනෙක් ,හොල්මනක් හා තරුණ පිරිමි ළමයෙක් වැනි චරිත නිරූපනය කරයි.
    
     ක්යෝගෙන් සම්ප්‍රදායික විකට නාට්‍ය විශේෂයකි.මේ නාට්‍ය වල ක්‍රියා හා දෙබස් විශේෂ ශෙලියකට අනුව රඟ දැක්වේ.නෝ නාට්‍ය අතරතුර මේ නාට්‍ය රඟ දැක්වූවත් දැන් දැන් ක්යෝගෙන් නාට්‍ය පමණක් ප්‍රදර්ශනය කරන අවස්ථාද තිබේ.
   
    බුන්රකු16 වන ශත වර්ෂයේ අග භාගයේදී ජනප්‍රිය වූ රූකඩ නාට්‍ය විශේෂයකි.ෂමිසෙන් නම් වූ තත් 3ක් සහිත සංගීත භාණ්ඩයකින් වැයෙන සංගීතයට,කථාව දිග හැරෙන්නේ ගීත තුලිනි. බුන්රකු ලලිත්‍යයෙන් පිරි, මනස්කාන්ත රූකඩ කලාවක් ලෙස ලෝකප්‍රසිද්ධය.


    තේ සංග්‍රහ උත්සව සහ ඉකෙබාන වැනි වෙනත් සාම්ප්‍රදායික කලා අදද ජපන් ජන ජීවිතයේ සජීවී අංගය.තේ පානෝත්සවය අමු තේ කොළ වලින් තේ සාදන පියවර කිහිපයකින් යුත් සංග්‍රහයකි.මෙය "සදෝ" නමින් හැදින්වේ.මෙම චාරිත්‍රය තේ සෑදීමට වඩා සංකීර්ණ කටයුත්තකි.දැනුම හා සංවේදී බව ඉතා පුළුල් පරාසයක දිවෙන උසස් කලාවකි.සදෝ මඟින් ජීවිතයේ පරමාර්ථ මෙන්ම සොබාදහම අගයකිරීමද ප්‍රගුණ කෙරේ.

   
   ශතවර්ෂ 7ක් පමණ කාලයක් තුල විකාශය වූ ජපන් මල් සැකසීමේ කලාව ජපන් භාෂාවෙන් "ඉකෙබනා"ලෙස හැඳින්වේ.මෙහි ආරම්භය පැරණි බෞද්ධ මල් පූජා කිරීමේ සිරිතයි.මෙය හුදෙක් සැරසිලි සඳහා මල් පාවිච්චි කිරීමම නොවේ.ඉකෙබනා වලදී එක් එක් සැරසිල්ලට යොදා ගන්නා පෑලෑටි කොටස්,ගන්නා භාජනය,මල් කොළ හා අතු ඉති,සැරසිල්ල තබන ස්ථානය, පිළිවෙල හා ඍතු වෙනස්කම් ආදී මේ සෑම අංශයක්ම සැළකිල්ලට ගනු ලැබේ.




 


 ආහාර


ආහාර වේල යන්නට ජපන් වචනය "ගොහන්" ය.මේ වචනයේ නියම තේරුම "බත්" යන්න නමුත් එය කොතරම් වැදගත්ද කිවහොත් හැම ආහාරයකටම වාගේ මේ වචනය භාවිත කරයි.සාමාන්‍යයෙන්  ජපන් කෑම වේලකටම තැම්බූ සුදු බත් සමඟ ප්‍රධාන වශයෙන් මස් හෝ මාළු හා මීට අමතරව පිසින ලද එළවළු හා මිසො නම් සුප් වර්ගයක් හා අච්චාරු මෙන් සැකසූ එළවළු අඩංගු වේ.බත් ඇලෙනසුලු නිසා "හෂි" නම් ලී කෝටු වලින් කෑමට පහසුය.
වර්තමාන ජපන් ජනයා යුරෝපය ,උතුරු ඇමරිකාව හා ආසියාව වැනි ලොව පුරා රටවල කෑම වර්ග ආහාරයට ගනිති.බත් වලට අමතරව පාන් ,නූඩ්ල්ස් හා පැස්ටා සමඟ විවිධ වර්ග වල මස්,මාළු එළවළු සහ පලතුරු ආදිය ආදිය ආහාර වේලට එක්වේ.පිටරටවල ප්‍රචලිත සුෂි, තෙම්පුරා,සුකියකි වැනි ජපන් ආහාර වර්ග ජපානයේද ඉතා ජනප්‍රියය.
නගරබද,ඉක්මනින් ලබාගත හැකි හැම්බර්ගර්, බදින ලද කුකුළු මස් ආදී කෙටි කෑම වර්ග විකුණන ආපනශාලා ,තරුණයින් හා ළමයින් අතර ඉතා ජනප්‍රියය.
කෑමට පෙර ජපන් ජනයා "ඉතදකිමසු" යයි කියනු ලැබේ."මේ කෑම පිළිගන්නවා" යන තේරුම ඇති මෙය,කෑම වේල සකස් කිරීමට එක් වූ සැමට ස්තූති කිරීමකි.කෑමෙන් පසුවත් ඉතා හොඳ කෑම වේලක් යන තේරුම ඇති "ගොචිසෝ සමාදෙශිතා"කියා නැවත ස්තූති කරයි.

 

  සෂිමි 




  අමු මාළු වලින් සකසා ගන්නා විශේෂ කෑමකි.මාළු අමුවෙන්ම ආහාරයට ගන්නා බැවින් මාළු වල නැවුම් බව ඉතා වැදගත් වේ.මෙහිදී  ඒ ඒ මාළුවාට ආවේනික වූ විශේෂ කැපුම් ක්‍රමද තිබේ.එලෙස ආවේනික කැපුම් ක්‍රම වලට අනුව කපා ගත් මාළු දෙහි වතුරෙන් සෝදයි.එලෙස දෙහි වතුරෙන් සෝදන්නේ මාළු වල ඇති විෂබීජ සහ පිළීගඳ ඉවත්ව යාමටයි.පසුව අධිශීතකරණයේ තබා ආහාරයට ගනී.ආහාරයට ගන්නා විට සෝයා සෝස් සහ වසබි වල තවරමින් ආහාරයට ගනී.


 
  සුෂි



අමු මාළු සහ බත් වලින් සාදන ජපන් කෑමකි.මෙහිදී බත් පිසින විට ,බතට ඇඹුල් රසයක් එක් වීම සදහා විනාකිරි ස්වල්පයක් එක් කරයි.මේ සඳහාද මාළු අමුවෙන්ම යොදා ගන්නා අතර ,සාදන ලද බත් ගුලි මතට ආවේනික හැඩයන්ට අනුකූලව කපාගන්නා ලද මාළු එක් කරයි.



てんぷら -තෙන්පුරා




විවිධ එළවළු හා මාළු වර්ග ඒ ඒ අමුද්‍රව්‍යයට ගැලපෙන ලෙස නිශ්චිත වූ හැඩයකට කපා පිටි ,වතුර ,බිත්තර ආදිය සහිත මිශ්‍රණයක තවරා ගැඹුරු තෙලෙන්  බැදගන්නා අතර මෙම ආහාර පෘතුගීසීන් ජපානයට ආ විට ආහාරයට ගත් කෑමක් මුල් කරගෙන ජපන් රසයට ඔබින ලෙස වෙනස් කරගත් කෑමකි.මීට සුදු පැහැති මාළු  වර්ග යොදාගන්නා අතර ආහාරයට ගන්නා විට  ලුණු කුඩු හා ට්සුයු නම් සෝස් වර්ගය සමඟ ආහාරයට ගනි.


すきやき -සුකියකි




මේජි අවධියේ සිට ආහාරයට ගත් කෑමකි.හරක් මස් කෑමේ සිරිත යොදාගෙන සාදන ලද මුල්ම කෑමයි.ඕනම අවස්ථාවක උණුවෙන්ම ආහාරයට ගතහැකි නිසා රසවත් වේ.මෙහි විශේෂත්වය නම් කෑම වේල එම අවස්ථාවේම සාදා ආහාරයට ගැනීමයි.
ආහාර ගන්නා මේසය  උඩ රාස්පානක් තබා ඊට ජලය , සෝයා සෝස්  ,සතෝ සහ ඔසකෙ දමයි.පසුව කෑම ගැනීමට පෙර මඳක් රත් කරයි.ඊට හරක් මස් සහ තමන්ට කැමති එළවළු දමයි.එවලේම එම ආහාර කැබලි උණුවෙන්ම ගෙන අමු බිත්තර සාරු වල තවරා ආහාරයට ගනී.


ජපන් ජාතිකයින්ගේ තේපානෝත්සවය.






       ජපන් ජාතිකයින්ගේ තවත් අපූරු චාරිත‍්‍රයකි තේ පානෝත්සවය. මෙය ජපන් භාෂාවෙන් ච නොයු ලෙසින් හඳුන්වයි. මෙය සෙන් බුදු දහම ඇසුරින් වර්ධනය වූ චාරිත‍්‍රයකි. මෙම චාරිත‍්‍රය වැඩි දියුණු කරන ලද්දේ 16 වන සියවසේ දී රික් යු නමැති සෙන් පූජකවරයා විසින් බව කියනු ලැබේ. මේ සඳහා නිවසේම කාමරයක් හෝ නිවසින් පිටත පිහිටි විශේෂ කාමරයක් හෝ භාවිතා කරයි. මෙම කුටියේ එක් කොටසක් තේ පානය සඳහා පැමිණෙන අමුත්තන් සඳහා වෙන්කර තිබෙන අතර, අනෙක් කොටස තේ උණු කිරීම, වත් කිරීම, බඳුන් සේදීම සඳහා වෙන්කර තිබේ.මෙම කුටිය ඉකෙබනා මල් සැරසිලි සහ ස්ක්‍රොල් නමැති දිග හැරිය හැකි පොත් වලින් සරසයි. ජපන් කිමෝනා වලින් සැරසී බිම තතමි පැදුරු එළා ඒ මත වාඩි වී මෙම චාරිත‍්‍රය සිදු කරයි. තේ පානයේ පියවර රැසක් තිබේ. පැණි රස කැවිලි අනුභව කර අවසාන පියවරේ දී කොයිචානමැති කොළ පැහැති තිත්ත තේ පානය කරයි. ප‍්‍රධාන අමුත්තා අනුකරණය කරමින් අනෙක් අමුත්තෝ ද චාරිත‍්‍රයට සහභාගි වෙති. එකමුතු බව, පවිත‍්‍රත්වය, සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම චාරිත‍්‍රය පවත්වනු ලැබේ. මේ සඳහා භාවිත කරන විශේෂ මිටි බඳුන් ද තිබේ. පැයක් හෝ පැය හතරක් දක්වා මෙම චාරිත‍්‍රය පවත්වනු ලැබේ. චාරිත‍්‍රය සඳහා තේ සැකසීමේ කලාව ද ජපන් ජාතිකයො පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරති.




 කලා   - ඉකෙබානා





ජපන් සංස්කෘතියේ තිබෙන තවත් සුවිශේෂී අංගයකි ඉකෙබානාමල් සැකසුම් කලාව. එය ද ජපානයටම ආවේණික වූවකි.ඉකෙබානා ජපානයේ වර්ධනය වූයේ 16 වන සියවසේදී බව පැවසේ. බුදුන්වහන්සෙට මල් පූජා කිරීමේ සිරිත මුල් කරගෙන ඉකෙබානා ආරම්භ වූ බවද පැවසේ. පසුව විවිධ හේතු මුල්කරගෙන මෙම සිරිත කලාවක් බවට පත්වී තිබේ.ඉකෙබානා සඳහා උපයෝගී කරගනු ලබන්නේ ස්වභාවික පැළෑටි, මල් වර්ග, අතු කැබලි ආදියයි. මෙම අමුද්‍රව්‍ය විවිධ හැඩවලට සරසනු ලබයි. එම හැඩ ගැන්වීම්වල විවිධ වෙනස්කම් නිසා ඒවා විවිධ නම්වලින් හඳුන්වනු ලබයි.ඉකෙබානා මල් කලාව ප‍්‍රධාන සම්ප‍්‍රදායන් තුනකට වෙන්වී තිබේ. ඉකෙනොබො’ ‘ඔහාරාසහ සොගෙත්සුසම්ප‍්‍රදාය වශයෙනි. මේ අතරින් ප‍්‍රධාන වන්නේ ඉකෙනොබො සෙන්සෙයි (ගුරුතුමා) විසින් ආරම්භ කරන ලද ඉකෙනොබොසම්ප‍්‍රදායයි. ජපන් තේ පානෝත්සවයේදීත් මෙම සම්ප‍්‍රදායේ මල් සැකසීම් භාවිතා කරයි. මෙම ක‍්‍රමයට මල් සැකසීමේදී භාවිතා කරනු ලබන්නේ මල් කිහිපයක් පමණි. ඊට අමතරව කුඩා මල් අතු, අතු කැබලි කිහිපයක් ද යොදා ගනී. මේවා රැඳවීමට භාවිතා කරන්නේ මැටියෙන් තනන ලද උස් මැටි මල් බඳුනකි. වියළි අතු කැබලි ස්වභාවික අයුරින් පෙන්වීම මෙම සම්ප‍්‍රදායේ තවත් එක් විශේෂත්වයකි.
ඔහාරා සම්ප‍්‍රදාය ඔහාරා උන්ෂින් විසින් අරඹන ලදී. නොගැඹුරු පළල් භාජනයක් මත මල් ගොඩ ගසා කොළ ආදියෙන් සරසා තබයි.සොගෙත්සු සම්ප‍්‍රදාය ආරම්භ කරන ලද්දේ තෙෂිගරා සොෆු නමැත්තා විසිනි. මෙම කලාව ඉකෙබානා කලාවේ අලුත්ම සම්ප‍්‍රදාය වේ. ඉකෙනොබා, ඔහාරා වලදී මෙන් මේ ක‍්‍රමයේදී මල් අතු කැබලි පමණක් නොව යකඩ සහ වානේ වලින් නිමකරන ලද විවිධ කුඩා ආකෘති ද උපයෝගී කර ගනී. ඉකෙබලා මල් කලාව ජපන් ජන ජීවිතයෙ විශේෂ අවස්ථාවන මාර්තු තුන්වන දිනට යෙදෙන බෝනික්කන් උත්සවයේදීත් (හිනාමත්සුරි), ළමා දිනයෙදීත්, තරු උත්සවයේදීත්, තේ පානෝත්සවය වැනි විශේෂ උත්සව අවස්ථාවලදීත් අලංකාරය සඳහා භාවිතා කරයි.
වර්තමානයේ ඉකෙබානා වල ප‍්‍රචලිත දෙවර්ගය වන්නේ මොරිබනාසහනගරෙයියන දෙවර්ගයයි. මොරිබනා ඉඳිකටු තුඩු සහිත නොගැඹුරු රඳවනයක රඳවන අතර, නගරෙයි විවිධ අමුද්‍රව්‍ය යොදා තනන ලද උස් මල් බඳුන්වල විවිධ අයුරින් තබයි
 

බොන්සායි



බොන්සායි ජපානයටම සුවිශේෂි වූ තවත් අංගයකි. බොන්සායි යන්නෙහි තේරුම ගසක් බන්දේසියක පැළ කිරීම යන්නයි. ස්වභාවික ගස් හා පඳුරු ඒ අයුරින්ම කුඩා ආකෘති ලෙස පැළකිරීම මේ යටතේ සිදුවේ. කිසිදු ජාන වෙනස් කිරීමක්, විකෘති කිරීමක් මෙහිදී සිදු නොවේ. ගස් අතු හා මුල් කප්පාදු කර විශේෂ ක‍්‍රමයකට එසේ කුරුමිටි ගස් ලෙස කුඩා බඳුන්වල ඉතා සියුම් ලෙස සැකසීමේ මෙම කලාව ජපානයට ලැබී තිබෙන්නේ චීනයෙනි. ඒ වසර දහසකට ද පෙරදීය.හොදින් රැක බලාගන්නේ නම් බොන්සායි ගසක් වසර සියයක් වුවද පවතී.බොන්සායි ගසක් වසර පහකට වතාවක් වෙනත් බඳුනක තැන්පත් කළ යුතුය. ඒ ගසේ මුල් වල වර්ධනය සඳහාය.සෙන් බුදුදහම සමග ද බැඳුණු බොන්සායි කලාව ජපන් ජාතිකයින් විසින් පරම්පරාවෙන් පරම්පරාවට ආරක්‍ෂා කර ගන්නා සංස්කෘතික අංගයක් බවට පත්කර ගෙන තිබේ. එරට විනෝදාංශයක් ලෙසද බහුලව මෙම කලාව භාවිතා වේ. අද වනවිට ලොව පුරා රටවල් රැසක මෙම කලාව ජනප‍්‍රිය වී තිබේ.


ඔරිගාමී




ඈත අතීතයේ සිට අද දක්වා ජපන් ජාතිකයින්ගේ අනන්‍යතාවයේ ප‍්‍රබල සලකුණක් ලෙස ඔරිගාමීකලාව ප‍්‍රධාන වේ. ඔරිගාමීයන්නෙහි තේරුම කඩදාසි නැවීමයන්නයි. ඔරියනු ජපන් භාෂාවෙන් නැවීම යන තේරුම දෙන වචනයක් වන අතර ගමියනුකඩදාසියන තේරුම දෙන ජපන් වචනයකි. කඩදාසිය නිපද වූ චීනයේ ඔරිගාමීකලාව පළමුවෙන් උපන්න ද පසුකාලීනව එය බහුල වශයෙන් ජපානයෙ පැතිරී ගියේය. ජපන් ඔරිගාමීකලාව අවුරුදු දහස් ගණනක් ඈත ඉතිහාසයකට නෑකම් කියනු ලබන්නකි. අද වන විට ලොව පුරා රටවල එය ප‍්‍රචලිතය. මුලින් ජපන් සංස්කෘතියට අදාළ සාම්ප‍්‍රදායික කලාවක් ලෙස ඔරිගාමීපැවතුණත් 15 වන සහ 16 වන සියවස්වලදී එය අධ්‍යාපනික අංශයට සහ සාමාන්‍ය ජීවිතයට ද හඳුන්වාදෙන ලදී.කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනය වීම සඳහාත් ඔරිගාමීකලාව ඉතා වැදගත් වේ. වැඩිහිටියන්ට ද මානසික සුවය වර්ධනය කර ගැනීමට විනොදාංශයක් ලෙස යෙදීමට හැකි කලාවකි මෙය. නව නිර්මාණ බිහිකිරීමට මෙන්ම හැඩ තල නිර්මාණයේදී සරල ගණිත සංකල්ප  ඉගෙන ගැනීමට ද ඔරිගාමීමගින් හැකිවේ. යමක් ඉවසීමෙන් සහයොගයෙන් කිරීමට ද ඉගෙන ගත හැකිවේ.
ඔරිගාමීසඳහා අවශ්‍ය එකම අමුද්‍රව්‍ය වන්නේ හතරැස් කඩදාසි කැබල්ලකි. ඊට අමතරව ඇතැම් නිර්මාණ සඳහා කතුරක් සහ ගම් අවශ්‍ය වන අවස්ථා ද තිබේ.ජපන්ඔරිගාමීකලාව වර්ග දෙකක් වේ. ඒ චාරිත‍්‍රයක් ලෙස තෑගි එතීම සඳහා භාවිතා කරනඔරිගාමීකලාව සහ කුරුල්ලන්, සතුන්, මාළුවන්, කෘමිසතුන්, මිනිස්රූප, ගෘහභාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය සැකසීමට භාවිතා කරන ඔරිගාමීකලාව වශයෙනි.ඔරිගාමීකලාවේ ජනපි‍්‍රයතම නිර්මාණය වන්නේ කොකා ය. කෙනෙකු ඔරිගාමීක‍්‍රමයට කඩදාසි කොකුන් 100 ක් සෑදුවොත් ඔහුගේ බලාපොරොත්තු සැබෑ වන බවට ද ජපන් ජාතිකයින් අතර විශ්වාසයක් පවතී. කොකුන් 1000 ක් සෑදුවොත් රෝගී පුද්ගලයෙක් ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලබන බව ද ඔවුන්ගේ විශ්වාසයකි. ඔරිගාමීකොකා සාමයේ සංකේතයක් ලෙස ද ඔවුහු සලකති.හිරෝෂිමා සහ නාගසාකි නගරවල පිහිටි උද්‍යානවල තිබෙන පරමාණු බෝම්බ හෙළීමේ සිහිවටන අසල ඔරිගාමීකොකුන් විශාල සංඛ්‍යාවක් තබා තිබේ.අනෙකුත් ජනපි‍්‍රය ඔරිගාමීනිර්මාණ වන්නේ මල්, බැලුන්, මත්ස්‍යයින්, මැඩියන් ආදියයි.ජපානයේ සංස්කෘතික උත්සව, නිවෙස්වල පවත්වන උපන්දින හා විවාහ උත්සවල දී අමුත්තන්ට විනෝදය ගෙන දීමට ද ඔරිගාමීකඩදාසි කලාව උපයෝගී කරගනු ලැබේ.




ඇඳුම්



ජපානයේ චිරාගත ඇඳුම කිමෝනාවයි.සාමාන්‍යයෙන් සේද වලින් සාදන ලද කිමෝනෝවට විශාල අත් ඇති අතර උරහිස සිට දෙපතුල් දක්වා දික්වේ.බඳ වටා ඔබි නමැති පළල් පටියක් බදිනු ලැබේ.කිමොනෝ දැන් සමාන්‍යයෙන් අදින්නේ උත්සව අවස්ථා වලදී පමණි.මේ උත්සව නම් ෂිචි ගො සාන්,විවාහෝත්සව හා උපාධි උත්සව ආදියයි.
බටහිර ඇඳුම් සමඟ සසඳන විට කිමොනෝවෙන් අත්පා ඉරියව් සීමා වන අතර ඇඟලා ගැනීමටද කාලය වැයවේ.නමුත් උෂ්ණ කාලයේදී යුකතා නම් වූ සැහැල්ලු පහසු කිමෝනෝවන්,ළමුන් හා තරුණ අය උත්සව වලදී ගිණිකෙළි ප්‍රදර්ශන වලදී හා වෙනත් ව්ශේෂ අවස්ථා වලදී අඳිති.එදිනෙදා අදුම් සඳහා ළමුන් හා තරුණ අය ටී ෂර්ට්,කලිසම්,පෝලෝ කමිස හා ක්‍රීඩා ඇඳුම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ එම ඇඳුම් ඉතා පහසු බැවිනි.

කිමෝනාව






ජපන් ජාතිකයින්ගේ ජාතික ඇඳුම ලෙස හැඳින්විය හැකි කිමෝනාව එරටට ම සුවිශේෂී වූ ඇඳුමකි. අතීතයේ දී කිමෝනාව සුලභ ලෙස ඇන්ද නමුත් වර්තමානයේ දී එය අඳීනු ලබන්නේ විශේෂ උත්සව අවස්ථා සඳහා පමණි. ඒ මංගල අවස්ථා, අවමංගල අවස්ථා, නව අවුරුදු උත්සව, සිචිගෝසන් උත්සවය (ළමයින්ගේ නිරෝගි භාවය වෙනුවෙන් පවත්වන උත්සවයකි), වැඩිවියට පත්වීමේ උත්සව, 12 වන උපන් දිනය වෙනුවෙන් ළමයින් සඳහා පවත්වන උත්සවය, බෝනික්කන් උත්සවය, තේ පානෝත්සවය වැනි විශේෂ උත්සව අවස්ථා සහ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර ඉටු කරන අවස්ථාවල දී පමණි.සහභාගි වන උත්සවයේ ස්වභාවය, අඳින පුද්ගලයාගේ වයස, අඳින පුද්ගලයාගේ සමාජ තත්ත්වය ආදී කරුණු මත කිමෝනාවේ වර්ණය සහ විලාසිතාව වෙනස් වේ. කිමෝනාව කොටස් කිහිපයකින් යුක්ත වේ. කිමෝනාව සඳහාම විශේෂිත ලී සෙරෙප්පු කුට්ටමක් ද මේස් කුට්ටමක්ද තිබේ.කිමෝනා වැඩි වශයෙන් සේද රෙදි වලින් නිම කරන අතර, කපු, වූල් සහ ලිනන් රෙදි වලින්ද නිම කරයි. ග‍්‍රීෂ්ම ඍතුවේ දී වැඩි වශයෙන් කපු රෙදි වලින් නිම වූ සැහැල්ලු කිමෝනා ඔවුහු අඳිති.
 
すもう-සුමෝ



මෙය ජපානයේ ජාතික ක්‍රීඩාවයි.දෙවියන්ව සතුටු කිරීම සඳහා පවත්වන ලද උත්සවයක් ලෙස ආරම්භ වූ මෙය වර්තමානය වන විට ක්‍රීඩාවක් බවට පත්ව තිබේ.ෂින්තෝ ආගමට අනුව කෑම , අස්වැන්න ආදිය ලබාදෙන්නේ පොළවට අධිපති දෙවියන් සතුටට පත් වීමෙන් කියා සැලකෙනවා.එනිසා දෙවියන් සතුටට පත් කිරිම සඳහා මෙම ක්‍රීඩාව පවත්වයි.මුල් කාලයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ශරීර ශක්තිය දෙවියන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා මෙය පැවැත්වූ අතර පසු කාලීනව මෙය ක්‍රීඩාවක් බවට පත් විය.මෙම ක්‍රීඩාවේ අදියර 16 ක් ඇති අතර අවසාන අදියරේ දිනන පුද්ගලයා ශූරයා බවට පත් වේ. ප්‍රබල ක්‍රීඩකයින් දිනීමෙන් දෙවියන්ගේ හිත සතුටට පත් වන බවත් ,එවිට අස්වැන්න වැඩියෙන් ලැබෙන බවත් ජපන් ජතිකයින් විශ්වාස කරයි.
 

නවීන සංස්කෘතිය

ජපානයට බටහිරින් ගෙන ආ බටහිර සංස්කෘතිය අද වන විට ඉතා ජනප්‍රියය.බොහෝ දෙනා බටහිර සංගීතය හදාරන අතර රටපුරා සංගිත සංදර්ශන පැවැත්වේ.
1951 දී වැනිසියේ චිත්‍රපටි උළලේදී අකිරා කුරසොවා ස්වර්ණ සිංහ සම්මානය ජයග්‍රහණය කල පසුව ජපන් සිනමාවට ලෝක අවධානය යොමු විය.මෑතකදී 1997 වැනිසීයේ චිත්‍රපටි උළලේදී කිතානෝ තකෙෂි ස්වර්ණ සිංහ සම්මානය  හන-බි චිත්‍රපටිය වෙනුවෙන් දිනාගත්තේය.
සජීවී සිනමා රූප මඟින් සකසනු ලබන කාටුන් හා ළමා කථා 1960 ගණන් වල සිට ජපන් ළමයින්ට විනෝදය ගෙන දේ.අධ්‍යක්ෂ මියසාකි හයාවෝගේ "ස්පිරිටඩ් එවේ" ළමා චිත්‍රපටිය  2003 හොඳම සජීවී සිනමා රූප චිත්‍රපටියට හිමි සම්මානය ප්‍රදානය කරන ලදී.සාහිත්‍ය ක්ෂේත්‍රයේද යසුනරි කවබතා වැනි විශිෂ්ට ලේඛකයන් නොබෙල් ත්‍යාගය පවා දිනා ගත්තේය.
 


පාසැල්






ජපානයේ අධ්‍යාපන ක්‍රමයට අනුව වයස අවුරුදු හයවන තුරු ප්‍රාථමික පාසලේද, ඉන් පසුව අවුරුදු 3ක කාලයක් මධ්‍යම පාසලේද,අධ්‍යාපනය හැදෑරිය යුතුය.අවුරුදු 3ක කාලයක් උසස් පාසලේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇතුලත් විය හැක.ප්‍රාථමික හා මධ්‍යම පාසල් අධ්‍යාපනය අනිවාර්ය නමුත් ,ශිෂ්‍යයින් 97% ක්  උසස් පාසල් වලට ඇතුලත් වේ.උසස් පාසල් හා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම සඳහා ශිෂ්‍යයින් අදාල විභාග වලට පෙනී සිටිය යුතුය.

ළමයින් ඉගෙන ගන්නා විෂයන්
ජපන් ළමයින් ඔවුන්ගේ හයවැනි අවුරුද්ද පසුවී එන අප්‍රේල් මාසයේදී ප්‍රාථමික පාසල් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගනු ලැබේ.ප්‍රාථමික පාසල් පන්තියකට සාමාන්‍යයෙන් ඇතුලත් කරගනු ලබන්නේ ළමුන් 30-40 දක්වා සංඛ්‍යාවකි.ඔවුන්ට ජපන් භාෂාව ,ගණිතය ,විද්‍යාව  ,සමාජ අධ්‍යයනය ,සංගීතය,අත්වැඩ ,ශාරීරික සුවතාවය, හා ගෘහ විද්‍යාව ආදී විෂයන් උගන්වනු ලබයි.අද වන විට  ප්‍රාථමික පාසල් වල දැන් ඉංග්‍රීසි භාෂාවද,අධ්‍යාපන තත්වය නංවාලීමට තොරතුරු තාක්ෂණයද උගන්වයි.
ජපන් පාසල් වල "ෂොදෝ" වැනි චිරාගත ලේඛන කලාව හා හයිකු යන පද්‍ය නිබන්ධන කලාවද උගන්වනු ලැබේ.චීන මූලාශ්‍ර ඇතිව ව්‍යාප්ත වූ කන්ජි අකුරු හා කන්ජි වලින් බිඳී ආ ශබ්දානුකරණ අක්ෂර විශේෂයක් වන "කානා"කලාත්මක ‍ශෙලියකින් ලිවීමට තීන්ත හා බුරුසුවක් භාවිත කෙරේ.
පාසල් ජීවිතය.
ජපන් ප්‍රාථමික පාසල් වල පන්ති ,විශේෂ ක්‍රියාකාරකම් සඳහා කුඩා කණ්ඩායම් වලට බෙදනු ලැබේ.මේ කණ්ඩායම් වල ළමුන්ට ඔවුන්ගේ අධ්‍යාපනයේ කොටසක් ලෙස පන්ති කාමර ,ශාලා සහ පාසල් භූමි දිනපතා පිරිසිඳු කල යුතුය.අවුරුද්ද තුල පාසල් වල විශේෂ උත්සව පැවැත්වේ.කඹ ඇදීම හා කඩින් කඩ දීවීම වැනි ක්‍රීඩා උත්සව මෙන්ම ඓතිහාසික ස්ථාන වලට චාරිකා ,ළමයින් ඉදිරිපත් කරන නැටුම් ගැයුම් සහිත කලා හා සංස්කෘතික උත්සව රාශියක් පාසල් මඟින් සංවිධානය කරනු ලැබේ.මධ්‍යම හා උසස් පාසල් බොහෝමයක ළමුන් පාසල් නිල ඇඳුමින් සැරසී සිටිය යුතුය.





ජපානයේ සංස්කෘතික දින දර්ශනය

ජනවාරි

   1. අළුත් අවුරුදු දිනය
                                         
   අලුත් අවුරුද්දේ ආරම්භය

දෙවැනි සඳු දින :- වැඩිහිටි බවට පත්වන දිනය
             කලින් අවුරුද්දේ අප්‍රේල් මාසයෙදි අවුරුදු 20 ලබන තරුණ තරුණියන්ට ඔවුනගේ ජීවිතයේ නිදහස් මෙන්ම, වගකීම් භාරගත යුතු අවධියට එළඹ ඇති බව ප්‍රකාශ කිරීමට ජපානය පුරා ඒ ඒ ප්‍රදේශ වල පැවත්වෙන උත්සවය.

පෙබරවාරි

3 හෝ 4 සෙත්සුබුන් (බෝංචි අට විසිකිරීමෙ උත්සවය )
          ජපනයේ පැරණි දින දර්ශනයෙහි වසන්තය එළබීමට පෙර දිනය.
කබලේ බදින ලද ස්යූය බොන්චි ඇට යකුන් හා දුර්භාග්‍යය නැති කිරිමට විසුරුවා හැරීම
11 ජාතික පදනම් දිනය
          ජාතිය අරම්භවු දිනය සමරමින් ජනතවගෙ දේශාභිමනය වර්ධනය කිරිමේ උත්සවයකි.

මාර්තු

3 හිනම්ත්සුරි උත්සවය
       21 වසන්තයේ දිවා රෑ සම වන දිනය.
   ජපනයෙ ජනයා ස්වභවධර්මයට කෘතඥ් වෙමින් සතුන් හා මිනිසුන් කෙරෙහි ආදරය දක්වති.

අප්‍රේල්

29 හරිත දිනය
       මේ ජාතික නිවඩු දිනයේදි ජනයා ස්වභවධර්මයාට ගරු කරමින් එහි සුන්දරබව අත්විදිති. 1988 වනතුරු මේ උත්සවය පැවැත්වුයේ ගස් වැවීමට ප්‍රිය කල ෂොව අධිරාජයාගේ උපන් දිනය වෙනුවෙනි.

මැයි

3 රාජ්‍ය දිනය
ජපන් පාලන ක්‍රමය බලයට පත් වු දිනයි.ජපන් ජනය විසින් සමරනු ලබන මේ උත්සවයෙන් ප්‍රාර්තන කරන්නේ ජාතියේ දියුණුව හා ඉදිරි ගමනයි.

5 ළමා දිනය
2 වන ඉරිදා මවුවරුන්ගේ දිනය
 ජපන් ජනයා සිය මවුවරුන් අනුස්මරණය කරති.

ජුනි

3වන ඉරිදා   පියවරුන්ගේ දිනය.
ජපන් ජනයා සිය පියවරුන් අනුස්මරණය කරති.

ජුලි

7 තනබතා තාරකා උත්සවය.

3 වන සදුදා නාවික උත්සවය
 මුහුදු සම්පත් වෙනුවෙන් කෘතඥතාවය පළකරමින් ජපනයෙ සෞභාග්‍යය් ප්‍රාර්තන කරන දිනය.

අගෝස්තු
අගෝස්තු මැද බොන් උත්සවය.

සැප්තම්බර්
3වන සදුදා වඩිහිටි ගෞරව දිනය
සමජයට දිගු කලයක් කල සේවාව වෙනුවෙන් වැඩිහිටියන්ට ගෞරව දක්වා ඔවුන්ට දීර්ඝායුෂ පතන දිනයයි.

සැප්තම්බර් මැද සරත් සඳ දර්ශනය
සහල් වලින් සෑදුන පැණිරස කැම, ඩිග තණකොල මත පතුලා ජනේල මත තබා චන්ද්‍ර පූජවක් පවත්වා සඳ දෙසබලා ප්‍රිතිවන දිනය.

සැප්තම්බර්
23 දා පමන සරත් කාලයෙ දිවා රැ සම වන දිනය
මුතුන් මිත්තන්ට ගෞරවාචාර කර ඔවුන් සිහිපත් කරන දිනයි.

ඔක්තොම්බර්

2 වන සදුදා ක්‍රිඩ දිනය
මනා කයික සහ මනසික සුවය පතා ජපන් ජාතිකයින් ක්‍රිඩාවල යෙදෙන දිනය.

නොවැම්බර්
3 සංස්කෘතික දිනය
නිදහස හා සාමය උතුම් බව අඟවමින් ජපන් ජනයා ස්ංස්කෘතික කටයුතුවල නිරත වන දිනය
15 ෂිච් ගෝ සාන් 7-5-3 උත්සවය.
23 කම්කරු ස්තූති දිනය
සේවකයින්ට ගෞරව දක්වමින් ජතික නිෂ්පාදනය පිලිබද උත්සව පවත්වා අන්න්‍යෝන්‍යා සුහදත්වය වර්දනය කරගන්න දිනය.

දෙසැම්බර්
23 අධිරාජ්‍යාගේ උපන් දිනය
අකිහිතෝ අධිරාජ්‍යාගේ උපන් දිනය වෙනුවෙන් ජනතව උත්සව පවත්වන දිනය.
25 නත්තල් දිනය
මෙදින පෞලෙ අය සහ මිතුරන් සමග තැගි හුවමරු කරගනීම සිරිතකි.සැමදෙනම එක්වි කැම ගන්න ප්‍රීතිමත් අවස්තාවක්
31 අළුත් අවුරුදු උදාව
 



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More