සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

ජපානය

ජපානයේ සිතියම








       ජපානය පළාත් 47කට බෙදා තිබේ.භූගෝලීය හා ඓතිහාසික කරුණු සලකා බලා මේ පළාත් 47 ප්‍රදේශ නවයකට බෙදේ.මේවා හොක්කයිඩෝ, තෝහොකු, කන්තෝ, චූබු, කින්කි, චූගොකු, ෂිකොකු, කියුෂු, සහ ඔකිනව වේ.

      මේ එක් එක් පළාතක එයට විශේෂ වූ ප්‍රාදේශිය භාෂාවක්,සිරිත් විරිත් සහ සංස්කෘතියක්ද තිබේ.නිදර්ශනයක් වශයෙන් තෝකියෝ නගරය ඇතුළත් වන කන්තෝ ප්‍රදේශයත්, ඔසාකා නගරය තිබෙන කන්සායි ප්‍රදේශයත් ,ආහාර පාන ,සම්ප්‍රදායික කලා ශිල්ප ප්‍රදර්ශන ආදිය එකිනෙකට හාත්පසින් වෙනස් නිසා පළාත් දෙකේ වෙනස්කම් සසඳා බලා විනෝද වීම සමහරුන්ගේ සිරිතයි.
     ජපානයේ පූර්ණ ජනගහනය මිලියන 127කි.මෙය ලෝක ජනගහනය අතුරෙන් නවවැන්නයි.රටේ භූමි ප්‍රමාණය හා සසඳන විට,වර්ග කිලෝමීටර්‍ර 342ක ජනගහන ප්‍රතිශතය ඉතා ඉහළ එකකි.ජපානයේ භූමි ප්‍රමාණයෙන් 70% ක් කඳුකර ප්‍රදේශ බැවින් ඉතිරි 30% තැනිතලා ප්‍රදේශයි.





ජාතික ධජය

ජපන් ජාතික ධජය හැඳින්වෙන්නේ "හිනොමරු" යන නමිනි.මෙම ජාතික කොඩිය භාවිතයට පැමිණියේ 19 වන ශතවර්ෂයේ අගභාගයේදිය.සුදු පසුබිමක මැද ඇති රතු කවය හිරු සංකේතවත් කරයි.






ජතික ගීය
 
පද රචනය ; නිර්නාමිකයි.
සංගීතය ; හයාෂි හිරොමොරි.

ජපානයේ "කිම්ගයෝ" නමින් හැඳින්වෙන ජතික ගීයේ මූලාශ්‍රය දසවන ශතවර්ෂයේ රචිත මාත්‍රා 31 කින් යුත් "වක" නම් පැදි වැලකි.එය අද තත්වයට පරිවර්තනය වූයේ 19 වන සියවසේදී සංගීතය මුසු කිරීමෙනි.ජපන්  ජාතික ගීයේ පදවැල ජපානයේ දිගු කාලීන සාමය හා තිරසාර සෞභාග්‍යය උදෙසා ප්‍රාර්ථනයකි .





ජපානයේ පාර්ලිමේන්තුව












ජපානයේ තාක්ෂණික දියුණුව














0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More