සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

Saturday, April 30, 2011

ජපන් භාෂාවේ යෙදෙන පසු යෙදුම්

 ❦じん-(ජින්)

ඕනෑම රටක නමකට පසුව "ජින්" යන පසු යෙදුම එකතු කිරීම මඟින් එම රටේ  ජාතිය දැක්විය හැක.

උදා:-           にほん + じん(නිහොන් + ජින්)= にほんじん.
                 にほん(නිහොන්) යනු  ජපානයයි.ඊට "ජින්" යන පසු යෙදුම යෙදු විට ජපන් ජාතිකයා යන අරුත ගෙන දේ.

 ❦さん-(සන්)

ඕනෑම පුද්ගලයකුගේ නමකට පසුව "සන්" යන පසු යෙදුම යෙදීම මඟින් මහතා ,මහත්මිය, මෙනවිය යන අදහස ගෙන දේ.ජපන් ජාතිකයින් කතාබහ කිරීමේදී පුද්ගලයින්ගේ නමට පසුව "සන්"යන පසු යෙදුම භාවිත කරයි.එය ගෞරව දැක්වීමක් ලෙස සලකයි.

උදා:-   たなか + さん(තනක  + සන්) තනක මහතා.

 ❦たち-(තචි)

මෙම පසු යෙදුම යෙදීම මඟින් ඒක වචනයක් බහු වචනයක් බවට පරිවර්තනය කර ගත හැක.

උදා:-   わたし(මම) + たち(වතෂි+ තචි)  අපි.




විශේෂ කරුණු.
❦-ජපන් හෝඩියේ යෙදෙන  わ,を,ん යන අක්ෂර භවිත වන්නේ බොහොඅ විට නිපාත ලෙසය.

❦-ජපන්  භෂාවේ “ව” යනුවෙන් නිපාතයක් ඇති අතර එම නිපාතය යෙදීමේදී わ  වෙනුවට භාවිත කරනුයේ  は අක්ෂරයයි.

හිරඟනා හෝඩියේ .....

   හිරඟනා හෝඩියේ  ප්‍රධාන කොටස් තුනකි.あ සිට ん දක්වා අක්ෂර 46 කි.මිට අමතරව මරු (゜) සහ තෙන්තෙන්(゛) යන සංකේත දෙක අක්ෂර ඛාණ්ඩ කිහිපයක් සමඟ යෙදීමෙන් ග (が)සිට පො( ぽ)දක්වා අක්ෂර 25ක් සෑදේ.එම අක්ෂර පහත දැක්වේ.
.
(ග)          (ගි)          ぐ(ගු)          (ගෙ)         (ගො)

(ස(z))      (ජි)          (සු(z))      (සෙ(z))      (සො(z))

(ද)            (ජි)         (සු(z))      (සෙ(z))      (සො(z))

(බ)           (බි)         (බු)          (බෙ)          (බො)

(ප)           (පි)          (පු)       (පෙ)          (පො)


   තව දුරටත් හිරඟනා හෝඩියේ  යෙදෙන や,ゆ,よ  යන අක්ෂර තවත් අක්ෂර ඛාණ්ඩයක්  සමඟ,එම අක්ෂර වලට දකුණු පසින් කුඩාවට යෙදීමෙන් අළුත් අක්ෂර ඛාණ්ඩයක් සාදා ගත හැකිය.


ぎや(ග්ය)                            ぎ ゆ(ග්යු )                          ぎ よ(ග්යො)


じや(ජ)                                じゆ(ජු)   じよ(ජො)


ぢや(ජ)                                ぢゆ(ජු)                                   ぢよ(ජො)


にや(න්ය)                            にゆ(න්යු) によ(න්යො)


びや(බ්ය)                        びゆ(බ්යු)                              びよ(බ්යො)


みや(ම්ය)                             みゆ(ම්යු)                            みよ(ම්යො)


りや(ර්ය)  りゆ(ර්යු)                               りよ(ර්යො)


ぴや(ප්ය)                     ぴゆ(ප්යු)                              ぴよ(ප්යො)

❉කතකනා හෝඩිය තුලද හිරඟනා අක්ෂර සාදා ගත් ආකාරයටම අක්ෂර ඛාණ්ඩ සාදා ගත හැක.



❦ජපන් භාෂාවේ හා සිංහල භාෂාවේ  උක්තය,කර්මය,ආඛ්‍යාතය තබන පිළිවෙල සමානය.
උදා-;
                    わたし は    にほんご    を    べんきよします.
                          ❘                  ❘                       ❘
                         මම         ජපන් භාෂාව         ඉගෙනගනිමි.
                                           ☟                     
                      (උක්තය )      ( කර්මය  )       ( ආඛ්‍යාතය)


❦ජපන් භාෂාවේ ඒක වචන ,බහු වචන බේදයක් නැත.
උදා;                がくせい(ගක්සේ) ➝ශිෂ්‍යාව,ශිෂ්‍යයා
                      せんせい(සෙන්සේ) ➝ගුරුවරිය,ගුරුවරයා
❦හල් කිරීම
ඕනෑම අක්ෂරයක හල් කිරීම සඳහා පොදු ක්‍රමයකි.එනම් つ(ට්සු) අක්ෂරය ,හල් කිරීම දෙපස ඇති අක්ෂර දෙකට වඩා ප්‍රමාණයෙන් කුඩාවට ලියයි.
                                          උදා-;
සෙක්කෙන්➝せっけん
කිප්පු➝きっぷ
නිප්පොන්➝にっぽん
නික්කි➝にっき
ඉප්පොන්➝いっぽん


❉කතකනා භාවිතයේදීද මේ හා සමාන ලෙස හල් කිරීම යෙදේ.



ජපන් භාෂාවේ ප්‍රාණාක්ෂර අක්ෂර දීර්ඝ කිරීම.

1. “い” අක්ෂරය දීර්ඝ කිරීම.
මෙහිදී දීර්ඝ කරන අක්ෂරය ඉදිරියෙන් තවත් ”い”  අකුරක් ලියන්න.


                                   き(කි) ➝きい(කී)
        し(ෂි)  ➝しい(ෂී)


                 උදා;-  ちいさい➝චීසයි
                           いいえ➝ඊඑ
                          きいろ➝කීරො

2. “う”අක්ෂරය දීර්ඝ කිරීම.
මෙහිදී දීර්ඝ කිරීමට අදාළ අකුර ඉදිරියෙන් තවත් “う” අකුරක් එකතු කරන්න.

                               す(සු )➝すう( සූ)
                               く(කු) ➝くう(කූ)
උදා-;
           සූගකු➝すうがく
           සූජි➝すうじ
           කූකි➝くうき


3.“え” අක්ෂරය දීර්ඝ කිරීම.
 මෙහිදී දීර්ඝ කිරීමට අදාළ අක්ෂරය ඉදිරියෙන් තවත් “え”අක්ෂරයක් යොදන්න.


             ね(නෙ)➝ ねえ(නේ)


උදා-;     おねえさん➝ඔනේසන්


❉“え”අක්ෂරය දීර්ඝ කිරීමේදී බොහෝ විට තවත්  “え”අකුරක් යොදනවාට වඩා 99%ක් පමණම   යොදනුයේ  “い” අක්ෂරයයි.

             せ(සෙ) ➝せい(සේ)
け(කෙ)➝けい(කේ)

  උදා-    けいざいがく➝කේස(z)යිගකු
             せいじがく➝සේජිගකු
             せいふ➝සේෆු
             せんせい➝සෙන්සේ
              とけい➝තොකේ


4.“お” අක්ෂරය දීර්ඝ කිරීම.
මෙහිදී දීර්ඝ කිරීමට අදාළ අක්ෂරය ඉදිරියෙන් තවත් “お” අක්ෂරයක් එකතු  කරන්න
.
උදා-;こおり➝කෝරි
         おおきい➝ඕකියි


❉ජපන් භාෂාවේදී බොහෝ විට “お”  දීර්ඝ කිරීමේදී “お” වෙනුවට“う” අක්ෂරය යොදන අවස්ථා බහුලය.

උදා-;  ひこうき➝හිකෝකි

කතකනා හෝඩිය

(අ)       イ(ඉ)      ウ(උ)       (එ)      オ(ඔ)

(ක)       (කි)   (කු)     (කෙ)  (කො)

(ස)       (ෂි)      (සු)     (සෙ)    ソ(සො)

(ත)       チ(චි)      (ත්සු)     (තෙ)    (තො)

(න)      (නි)      (නු)    (නෙ)    ノ(නො)

(හ)       ヒ(හි)       (ෆු)       (හෙ)    (හො)

(ම)       (මි)        ム(මු)     (මෙ)    (මො)

             ヤ(ය)        (යු)     (යො)

(ර)        (රි)        (රු)      (රෙ)      (රො)

               ワ(ව)       (ඔ)     ン(න්)

හිරඟනා හෝඩිය

(අ)      い(ඉ)    (උ)     (එ)      (ඔ)

(ක)     (කි)    (කු)    (කෙ)    こ(කො)

(ස)      (ෂි)     (සු)   (සෙ)   (සො)

(ත)      (චි)    (ත්සු)  (තෙ)  (තො)

(න)     (නි)    (නු)   (නෙ)  (නො)

(හ)     (හි)   (ෆු)    (හෙ)   (හො)

(ම)      (මි)    (මු)    (මෙ)  (මො)

               (ය)    (යු)    (යො)

(ර)       (රි)     (රු)     (රෙ)   (රො)

               (ව)     (ඔ)      (න්)

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More