සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

Monday, January 31, 2011

ජපන් භාෂාවේ අක්ෂර


   ජපන් භාෂාවේ අක්ෂර මාලා තුනක් ඇත.ජපන් භාෂාව චීන භාෂාවට වඩා හාත්පසින්ම වෙනස් වුවත් ජපන් භාෂාවේ අක්ෂර වල මූලාශ්‍ර චීන භාෂාවෙන් ලැබුණු අතර මේ චීන අක්ෂර අවුරුදු දහස් ගණනකට පෙර චීනයේ ආරම්භ වූ බව ප්‍රචලිතය.මේ අක්ෂර කන්ජි යන නමින් හැඳින්වේ.මුල් කාලයේදී මේ අක්ෂර පින්තූර විය.කල්යෑමේදී මේ පින්තූර ස්වරූපය වෙනස් වීමෙන් දැන් ඒ මුල් අකුරු වලට වඩා බොහෝ වෙනස්ය.දැන් මේ අක්ෂර වලින් වචන හෝ වචන කොටස් හැඳින්වේ.සාමාන්‍ය පාවිච්චියේදී කන්ජි අක්ෂර 2000 පමණ තිබේ.ප්‍රාථමික පාසලේදී ජපන් ළමෝ අක්ෂර 1006ක් හා මධ්‍යම පාසලේදී 939 කුත් උගනිති.


   කන්ජි වලට අමතරව ශබ්ද අනුව ලියවෙන අක්ෂර මාලා 2ක් හිරඟනා හා කතකනා ජපනයේ භාවිතා වේ. මේ දෙකේම මුලාශ්‍රය කන්ජි. එක් අක්ෂර මාලාවක මේ අකුරු 46ක් තිබෙන අතර සමන්‍යයෙන් ව්‍යංජනාක්ෂර, ශබ්දයක් හා ස්වර ශබ්දයක් (ක් + අ = ක ) එක්ව අකෂරයක් සැදේ.මුලින් සැදෙන ශබ්දයේ වෙනසක් දැක්වීමට තිත් අදිය යොදාගත් විට, වර්තමාන ජපන් භාෂාවේ සියළු ශබ්ද සඳහා මේ අක්ෂර ප්‍රමාණවත්ය. හිරඟනා අක්ෂර කන්ජි හා සම්බන්ධ කරමින් සාමාන්‍ය ජපන් වචන ලියනු ලැබේ. වෙනත් භෂා වලින් එන වචන- විදේශික පුද්ගල හා ස්ථාන නාම, ශබ්ද හා සතුන්ගේ ශබ්ද ආදිය ලිවීමට කතකනා අක්ෂර පාවිච්චි කරනු ලැබේ.

   ජපානයේ හෝගෙන් යැයි හැඳින්වෙන ප්‍රාදේශීය භාෂා රැසක් ඇත.එකම දෙය හැඳින්වීමට ඒ ඒ භාෂා වල වෙන වෙනම ශබ්ද තිබේ.ශබ්ද කිරීම හා උච්චාරණය වෙනස් වන අතර ක්‍රියා පද හා නාම විශේෂණ පද වල අග වෙනස් වේ.නමුත් සාමාන්‍යයෙන් පිළිගත් ජපන් භාෂාව පාවිච්චි කිරීමෙන් විවිධ පළාත් වලින් එන අයට භාෂාව තේරුම් ගත හැකි වන සේ හසුරුවා ගැනීමට පුලුවන.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More