සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

Tuesday, May 3, 2011

දෙවන පාඩම


  






1)යම් දෙයක් යම් ස්ථානයක තිබෙන බව ප්‍රකාශ කිරීම.


❦මෙහිදී ස්ථානයට පසු “ に”නිපාතය භාවිතා කරන අතර,තිබෙනවා යන්න හැඟවීමට “あります”යන වචනය භාවිතා කරයි.


උදාහරණ;

*でんわ は へや に あります.
දුරකථනය කාමරයේ තිබෙනවා.

❦මෙහි ප්‍රශ්නාර්ථය යෙදීමේදී”あります” යන වචනය අගට”か” යන්න යෙදීමෙන් ප්‍රශ්නාර්ථය සාදා ගත හැක.

උදාහරණ;
* でんわ は どこ に ありますか.
でんわ は へや に あります.


❦නාම පදයට පෙර ස්ථානය යෙදීමෙන්ද මෙම අදහසම ලබා දිය හැක.

උදාහරණ;* へや にでんわが あります.



2) ……….කොතන හරි තිබෙනවාද? (අප්‍රාණවාචි වස්තුවක පිහිටීම දැක්වීම)



උදාහරණ;
* でんわ は どこか に ありますか?
いいえ, でんわ は どこか にも ありません.
නැහැ ,දුරකථනය කොහේවත් නැහැ.

はい,あります. ඔව්,තිබෙනවා.
へやにあります. කාමරයේ තිබෙනවා.



3)……… කොතන හරි ඉන්නවාද? (ප්‍රාණවාචී වස්තුවක පිහිටීම දැක්වීම)


උදාහරණ;
*せんせい は クラス に います.
ගුරුවරයා පන්තිකාමරයේ සිටිනවා.




❦නාම පදයට පෙර ස්ථානය යෙදීමෙන්ද මෙම අදහසම ලබා දිය හැක.


උදාහරණ;
* クラス に せんせい が います.
පන්තිකාමරයේ ගුරුවරයා සිටිනවා.


4) නාම පද දෙකක් එකතු කිරීමේදී “と” නිපාතය භාවිත කිරීම.


❦”と”නිපාතය "සහ" යන අරුත් ගෙනදේ. ප්‍රාණවාචී හා අප්‍රාණවාචී දෙවර්ගයටම භාවිත කල හැක.
උදාහරණ;
* あそこ に ほん と ぺん が あります.
へや に はは と ちち が います.


❦සහ යන අරුත ගෙන දීමටත් , නාම පද කිහිපයක් එකම වාක්‍යයක් තුල එකවර දැක්වීමටත් “……や… や… など” භාවිත කරයි.
උදාහරණ;
*テブル の うえ に ぺン や ほん や かばん など が あります.






වචන මාලාව.
 
ほん පොත
ぺん පෑන
はは අම්මා
ちち තාත්තා
へや කාමරය
テブル මේසය
うえ උඩ
かばん බෑගය

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More