❦ හිරඟනා හෝඩියේ ප්‍රධාන කොටස් තුනකි.あ සිට ん දක්වා අක්ෂර 46 කි.මිට අමතරව මරු (゜) සහ තෙන්තෙන්(゛) යන සංකේත දෙක අක්ෂර ඛාණ්ඩ කිහිපයක් සමඟ යෙදීමෙන් ග (が)සිට පො( ぽ)දක්වා අක්ෂර 25ක් සෑදේ.එම අක්ෂර පහත දැක්වේ.
.
が(ග) ぎ(ගි) ぐ(ගු) げ(ගෙ) ご(ගො)
ざ(ස(z)) じ(ජි) ず(සු(z)) ぜ(සෙ(z)) ぞ(සො(z))
だ(ද) ぢ(ජි) づ(සු(z)) で(සෙ(z)) ど(සො(z))
ば(බ) び(බි) ぶ(බු) べ(බෙ) ぼ(බො)
ぱ(ප) ぴ(පි) ぷ(පු) ぺ(පෙ) ぽ(පො)
තව දුරටත් හිරඟනා හෝඩියේ යෙදෙන や,ゆ,よ යන අක්ෂර තවත් අක්ෂර ඛාණ්ඩයක් සමඟ,එම අක්ෂර වලට දකුණු පසින් කුඩාවට යෙදීමෙන් අළුත් අක්ෂර ඛාණ්ඩයක් සාදා ගත හැකිය.
ぎや(ග්ය) ぎ ゆ(ග්යු ) ぎ よ(ග්යො)
じや(ජ) じゆ(ජු) じよ(ජො)
ぢや(ජ) ぢゆ(ජු) ぢよ(ජො)
にや(න්ය) にゆ(න්යු) によ(න්යො)
びや(බ්ය) びゆ(බ්යු) びよ(බ්යො)
みや(ම්ය) みゆ(ම්යු) みよ(ම්යො)
りや(ර්ය) りゆ(ර්යු) りよ(ර්යො)
ぴや(ප්ය) ぴゆ(ප්යු) ぴよ(ප්යො)
❉කතකනා හෝඩිය තුලද හිරඟනා අක්ෂර සාදා ගත් ආකාරයටම අක්ෂර ඛාණ්ඩ සාදා ගත හැක.
❦ජපන් භාෂාවේ හා සිංහල භාෂාවේ උක්තය,කර්මය,ආඛ්‍යාතය තබන පිළිවෙල සමානය.
උදා-;
わたし は にほんご を べんきよします.
❘ ❘ ❘
මම ජපන් භාෂාව ඉගෙනගනිමි.
☟ ☟ ☟
(උක්තය ) ( කර්මය ) ( ආඛ්‍යාතය)
❦ජපන් භාෂාවේ ඒක වචන ,බහු වචන බේදයක් නැත.
උදා; がくせい(ගක්සේ) ➝ශිෂ්‍යාව,ශිෂ්‍යයා
せんせい(සෙන්සේ) ➝ගුරුවරිය,ගුරුවරයා
❦හල් කිරීම
ඕනෑම අක්ෂරයක හල් කිරීම සඳහා පොදු ක්‍රමයකි.එනම් つ(ට්සු) අක්ෂරය ,හල් කිරීම දෙපස ඇති අක්ෂර දෙකට වඩා ප්‍රමාණයෙන් කුඩාවට ලියයි.
උදා-;
සෙක්කෙන්➝せっけん
කිප්පු➝きっぷ
නිප්පොන්➝にっぽん
නික්කි➝にっき
ඉප්පොන්➝いっぽん
❉කතකනා භාවිතයේදීද මේ හා සමාන ලෙස හල් කිරීම යෙදේ.
ජපන් භාෂාවේ ප්‍රාණාක්ෂර අක්ෂර දීර්ඝ කිරීම.
1. “い” අක්ෂරය දීර්ඝ කිරීම.
මෙහිදී දීර්ඝ කරන අක්ෂරය ඉදිරියෙන් තවත් ”い” අකුරක් ලියන්න.
き(කි) ➝きい(කී)
し(ෂි) ➝しい(ෂී)
උදා;- ちいさい➝චීසයි
いいえ➝ඊඑ
きいろ➝කීරො
2. “う”අක්ෂරය දීර්ඝ කිරීම.
මෙහිදී දීර්ඝ කිරීමට අදාළ අකුර ඉදිරියෙන් තවත් “う” අකුරක් එකතු කරන්න.
す(සු )➝すう( සූ)
く(කු) ➝くう(කූ)
උදා-;
සූගකු➝すうがく
සූජි➝すうじ
කූකි➝くうき
3.“え” අක්ෂරය දීර්ඝ කිරීම.
මෙහිදී දීර්ඝ කිරීමට අදාළ අක්ෂරය ඉදිරියෙන් තවත් “え”අක්ෂරයක් යොදන්න.
ね(නෙ)➝ ねえ(නේ)
උදා-; おねえさん➝ඔනේසන්
❉“え”අක්ෂරය දීර්ඝ කිරීමේදී බොහෝ විට තවත් “え”අකුරක් යොදනවාට වඩා 99%ක් පමණම යොදනුයේ “い” අක්ෂරයයි.
せ(සෙ) ➝せい(සේ)
け(කෙ)➝けい(කේ)
උදා- けいざいがく➝කේස(z)යිගකු
せいじがく➝සේජිගකු
せいふ➝සේෆු
せんせい➝සෙන්සේ
とけい➝තොකේ
4.“お” අක්ෂරය දීර්ඝ කිරීම.
මෙහිදී දීර්ඝ කිරීමට අදාළ අක්ෂරය ඉදිරියෙන් තවත් “お” අක්ෂරයක් එකතු කරන්න
.
උදා-;こおり➝කෝරි
おおきい➝ඕකියි
❉ජපන් භාෂාවේදී බොහෝ විට “お” දීර්ඝ කිරීමේදී “お” වෙනුවට“う” අක්ෂරය යොදන අවස්ථා බහුලය.
උදා-; ひこうき➝හිකෝකි