
ජපන් භාෂාවේ අක්ෂර මාලා තුනක් ඇත.ජපන් භාෂාව චීන භාෂාවට වඩා හාත්පසින්ම වෙනස් වුවත් ජපන් භාෂාවේ අක්ෂර වල මූලාශ්‍ර චීන භාෂාවෙන් ලැබුණු අතර මේ චීන අක්ෂර අවුරුදු දහස් ගණනකට පෙර චීනයේ ආරම්භ වූ බව ප්‍රචලිතය.මේ අක්ෂර කන්ජි යන නමින් හැඳින්වේ.මුල් කාලයේදී මේ අක්ෂර පින්තූර විය.කල්යෑමේදී මේ පින්තූර ස්වරූපය වෙනස් වීමෙන් දැන් ඒ මුල් අකුරු වලට වඩා බොහෝ වෙනස්ය.දැන් මේ අක්ෂර වලින් වචන හෝ වචන කොටස් හැඳින්වේ.සාමාන්‍ය පාවිච්චියේදී කන්ජි අක්ෂර 2000 පමණ තිබේ.ප්‍රාථමික පාසලේදී ජපන් ළමෝ අක්ෂර 1006ක් හා මධ්‍යම පාසලේදී 939 කුත් උගනිති.
කන්ජි වලට අමතරව ශබ්ද අනුව ලියවෙන අක්ෂර මාලා 2ක් හිරඟනා හා කතකනා ජපනයේ භාවිතා වේ. මේ දෙකේම මුලාශ්‍රය කන්ජි....